Wednesday, October 29, 2014

ඔයාලගේ ෆෝන් එක නැති උනොත් හොයා ගන්නේ මෙහෙමයි ..............

ඔබේ phone  එක හොරෙක් අතට පත් උනොත්  කරන්නේ ෆෝන් එකේ සිම්පත ඉවත් කොට වෙනත් සිම් පතක් දමා එය භාවිතයට ගැනීමයි .... ලැබූ ඔබේ ෆෝන් එකට වෙනත් සිම්පතක් දමා ක්‍රියාත්මක කල විට අදාල සිම්පත අයත් ජංගම දුරකථන ජාලය ඔබගේ දුරකතනයට අයත් සියලු තොරතුරු සටහන් වේ .....


ඒ නිසා ඔබ කල යුත්තේ ඔබගේ ෆෝන් එක නැති වූ විගසම ලගම ඇති පොලිසියේ පැමිණිල්ලක් දැමීමයි ....ඉන්පසු ඔබේ පැමිණිල්ලේ පිටපතක් සහිතවම තම ෆෝන් එක නැති වූ බවත් එය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂක තුමන්ට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමයි ....එහිදී ඔබගේ ජංගම දුරකතනයේ එමි අංකය ඉදිරිපත් කල යුතුය ....



එමි අංකය දන්නේ නැත්නම් ???
එමි අංකය දන්නේ නැත්නම් ඔබ කල යුත්තේ ෆොනේ එක නැති වන අවස්ථාවේ එයට ඇතුලත් කර තිබු සිම් පතේ අංකය ලබා දීමයි ...නමුත්  එමි අංකය දන්නේ නම් එය ඉක්මනින්ම සොයා ගත හැක....
දැන් ඔබට බය වෙන්න දෙයක් නෑ ...මොකද ඔබගේ එමි අංකයෙන් ඔබගේ දුරකථනය සොයා ගත හැක........

මේ තියෙන්නේ විදුලි සංදේශ කොමිසන් සභාවේ ලිපිනය ...

අධ්‍යක්‍ෂ ජෙනරාල්,
විදුලි සංදේශ නියමක කොමිෂන් සභාව ,
අංක 276,
ඇල්විටිගල මාවත ,
කොළඹ .