Sunday, November 23, 2014

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු

බොහෝ දෙනෙකුට තමන්ගේ ජංගම දුරකතනයේ   බැටරිය අවශ්‍ය පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ප්‍රශ්න ඇතිවේ.මෙය බොහෝවිටදී වන්නේ 3G පහසුකම හෝ ඇති දුරකථන වලදීයි.එම තත්ත්ව මග හරවා ගැනීමට සාර්ථක ක්‍රම 7 ක් පහත දැක්වේ.                         
                                                1.තිරය සකසා ගැනීම





                       බැටරි බලය අඩු වීම කෙරෙහි දුරකතනයේ තිරය සෘජුවම බලපානවා.එහි Brightness,contracts,light sensor,power saver time වැනි අංග මේ සඳහා වැදගත් වේ.සමහර ස්මට්පොන් වලදී බාහිර ආලෝකය අනුව මෙම අංග සකස් වේ.තමන්ට ගැලපෙන පරිදි එම අංග වෙනස් කරගැනීමෙන් ඒ සඳහා අනවශ්‍ය ලෙස බැටරිය වැය වීම පාලනය කරගත හැකි වේ.

             
              2.Bluetooth සහ  wifi ක්‍රියා විරහිත කර තබා ගැනීම .



                                 බොහොමයක් ජංගම දුරකථන වල නොයෙක් application වලදී Bluetooth සහ wifi ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වේ.මෙම wireless පහසුකම්ද බැටරියේ ආරෝපණ අඩුවීම කෙරෙහි අහිතකර ලෙස බලපායි.අනවශ්‍ය ලෙස   Bluetooth සහ wifi ක්‍රියාත්මක නොවීමට වගබලා ගැනීමෙන්ද ඔබේ ජංගම දුරකතනයේ බැටරියෙන් වැඩි වෙලාවක් වැඩ ගත හැකි වේ.

            3. GPS බාවිතයේදී සැලකිලිමත් වීම.

                                          බොහොමයක් සමාට් ෆෝන් සඳහා GPS පහසුකම ලබා දී ඇත.එහිදී GPS පාවිච්චියේදී සැලකිලිමත් විය යුත්තේ ඒ සඳහා බැටරිය විශාල වශයෙන් භාවිත කරන නිසයි.
                   
                                  4. 3G පහසුකම අහෝසි කිරීම .

                                       ඔබ දුරකථනය භාවිත කරන්නේ call,massages ,play music සඳහා පමණක් නම 3G signal ලැබීම අහෝසි කිරීමෙන් ඒ සඳහා වැයවන බැටරි ධාරිතාව ප්රෝයෝජනයට ගත හැකි වෙනවා.

                             5.බැටරි බලය අධික ලෙස භාවිත කරන application භාවිත නොකිරීම.
                                               බැටරි බලය අධික ලෙස භාවිත කරන මීඩියා ප්ලේයර්ස් ,ගේම්ස් වැනි මෘදුකාංග අවම ලෙස භාවිත කිරීමෙන්ද ඔබගේ ජංගම දුරකතනයේ බැටරියෙන් වැඩි ප්‍රයෝජනයක් ගත හැකි වේ.

                             6.Vibrating සහ notifications

                                                            දුරකතනයේ අනවශ්‍ය ලෙස vibrates භාවිත කලහොත්ද අනවශ්‍ය ලෙස බැටරි බලය අඩුවේ.      එම කරදරකාරී ලෙස දුරකතනයට ලැබෙන notification වලින්ද    බැටරි බලය අනවශ්‍ය ලෙස අඩු කරනු ලබයි  .

                                     7.ගැලපෙන අයුරින් power plan එකක් යෙදීම.                                           
                                      light time out,power saver time out වැනි විදානයන්ගෙන් තම තමන්ට කැමති ආකාරයට ඉහත පරිදි සකස් කරගන්න විටදීද අනවශ්‍ය වෙලාවකදී   දුරකතනයේ ආලෝකය පවතී තිබීම වැළකීමෙන් බැටරියෙන් උපරිම පල ලබාගත හැකි වේ.
                                තවද  බැටරි2 ක් පමණ භාවිත කරන අයෙක්ට එක බැටරියක් දින 10 ක් පමණ දුරකතනයෙන් ඉවත් කර තැබීමෙන්ද ඔබගේ ජංගම දුරකතනයේ බැටරියේ ආයු කාලය වැඩි කරගත හැකිවේ.
 එහෙම  නම් අපි යනවා ...........Good luck